සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියා වන අලි ෂඩ්මානි, ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (ජූනි 16) රාත්‍රියේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඊශ්‍රායලය අද

මිතුරන් සමග බෙදාගන්න

ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියා වන අලි ෂඩ්මානි, ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (ජූනි 16) රාත්‍රියේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඊශ්‍රායලය අද (ජූනි 17) නිවේදනය කළා.

අලි ෂඩ්මානි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම පුද්ගලයා ලෙස සැලකෙනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊශ්‍රායල ගුවන් හමුදාව ටෙහෙරානයේ පිහිටි කාර්ය මණ්ඩල අණදෙන මධ්‍යස්ථානයකට පහර දී ෂඩ්මානි ඝාතනය කළ බවයි.

ෂඩ්මානි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සහ සමස්ත ඉරාන සන්නද්ධ හමුදාවන්ට අණ දුන් ප්‍රධාන පෙළේ නිලධාරියෙකු බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම සිදුවීම මැද පෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්