සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කේදර්නාත් දේවාලය ආසන්නයේ සිදුවූ හෙළිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ඛේදවාචකය අද (ජූනි 15) අලුයම 5:20ට පමණ සිදුව

මිතුරන් සමග බෙදාගන්න

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කේදර්නාත් දේවාලය ආසන්නයේ සිදුවූ හෙළිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ඛේදවාචකය අද (ජූනි 15) අලුයම 5:20ට පමණ සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩ් හි ගුප්ත්කාෂි බලා පියාසර කරමින් තිබූ මෙම හෙළිකොප්ටරය වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බව සඳහන්. ආර්යන් ගුවන් සේවයට අයත් මෙම යානයේ සිටි නියමුවා ඇතුළු පුද්ගලයන් 7 දෙනාම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය අය අතර කුඩා දරුවෙකුද සිටින බව වාර්තා වේ.

යානයේ සිටි මගීන් හයදෙනා උත්තරාකන්ඩ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ඉන්දීය ප්‍රාන්තවලින් පැමිණි අය බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්