සිරස්තල
‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි

එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ නව අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස, කැලිෆෝනියාවේ එරික් මේයර් මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ නව අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස, කැලිෆෝනියාවේ එරික් මේයර් මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම මේ වන විට එරට සෙනෙට් සභාවට යෝජනා කර තිබෙනවා.

ඔහු අමෙරිකානු විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ වෘත්තීය සාමාජිකයෙක් වන අතර, දැනට දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා. ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් ගණනාවක ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඔහුට පැවරී තිබීම විශේෂත්වයක්.

මීට පෙර ඔහු නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙසත්, උතුරු මැසිඩෝනියාවේ සහ කාම්බෝජයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙසත් සේවය කර තිබෙනවා.

එරික් මේයර් කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක්ද හිමි කරගෙන තිබෙනවා.

ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තු උසස් සහ කුසලතා ගෞරව සම්මාන කිහිපයක් දිනා ඇති අතර, ඩෙන්මාර්ක, ප්‍රංශ, කෙමර්, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාවද ඔහු සතුයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්