සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

කැනඩාවේ පාසලක බිහිසුණු වෙඩි තැබීමක්

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදු වූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර සිසුන්

මිතුරන් සමග බෙදාගන්න

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදු වූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර සිසුන් ද සිටින බවට වාර්තා වන අතර, මෙම සිදුවීම මුළු කැනඩාවම කම්පනයට පත් කර තිබේ.

මෙම බිහිසුණු ප්‍රහාරයෙන් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී. වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් සහ ගුරුවරුන් විශාල පිරිසක් රැඳී සිට ඇති බැවින් මහත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

සිද්ධිය වාර්තා වූ වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන්ම වටලා විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකාර වෙඩික්කරු ද මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා තහවුරු කරයි.

ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බ්‍රිටිෂ් කොලම්බියා පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ප්‍රහාරකයා පාසලේම සිසුවෙකු ද නැතහොත් පිටතින් පැමිණි පුද්ගලයෙකු ද යන්න පිළිබඳව ද මේ වන විට තොරතුරු විමර්ශනය වෙමින් පවතී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්