සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (10) පැවති සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකාවට

මිතුරන් සමග බෙදාගන්න

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (10) පැවති සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාවට හිමි වූ ලකුණු 155ක ඉලක්කය පන්දු 6ක් ඉතිරිව තිබියදී පසු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙනුයි.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් සිය විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 16 වන අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 51කදී ලකුණු 73ක් රැස් කළා. කුසල්ගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා.

ඔහුට අනගි සහයක් ලබා දුන් පැතුම් නිස්සංක වේගවත් ලකුණු 42ක් රැස් කළ අතර, මෙම ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 28ක් තුළදී ලකුණු 78ක වේගවත් සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස කුසල් ජනිත් ලකුණු 24කට දැවී ගිය අතර, ඔහු කුසල් මෙන්ඩිස් සමඟින් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගුවා.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්