සිරස්තල
වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක් “ලොකු පැටී”ගේ කෝටි 30ක මුදල් ගැවසී ඇති කපු මහතාගේ බැංකු ගිණුම් ගැන CIDයෙන් දැඩි පරීක්ෂණ ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ යුද නෞකාව කොළඹට හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේදී අත්අඩංගුවට අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක්

නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි

මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව ලොව පැරණිම ක්‍රිකට් තරගාවලි අතර අද්විතීය ස්ථානයක් හිමිකරගත් රාජකීය – ශාන්ත තෝමස් “නිල් මහා සටනේ” 147 වැනි මහා ක්‍රිකට්

මිතුරන් සමග බෙදාගන්න

මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව ලොව පැරණිම ක්‍රිකට් තරගාවලි අතර අද්විතීය ස්ථානයක් හිමිකරගත් රාජකීය – ශාන්ත තෝමස් “නිල් මහා සටනේ” 147 වැනි මහා ක්‍රිකට් සංග්‍රාමය අද (12) කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ වේ. අද සිට දින තුනක් පුරා මෙම ඓතිහාසික තරගය පැවැත්වීමට නියමිතය.

1879 වසරේදී ආරම්භ වූ මෙම ක්‍රිකට් ගැටුම, ලොව බාධාවකින් තොරව පවත්වාගෙන එනු ලබන දෙවැනි පැරණිතම දීර්ඝතම මහා ක්‍රිකට් තරගය ලෙස ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වී තිබේ.

මෙවර තරගයේ විශේෂත්වය වන්නේ දෙපිලම ජයග්‍රහණ අතින් කරට කර සිටීමයි. පසුගිය 2024 වසරේදී ශාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කළ අතර, 2023 වසරේ ශූරතාව හිමිවූයේ රාජකීය විද්‍යාලයටයි. ඒ අනුව මේ වන විට පාසල් දෙකම අවස්ථා 36 බැගින් මහා සටන ජයගෙන සම මට්ටමේ පසුවීම මෙවර තරගයට දැඩි උණුසුමක් එක් කරයි.

තරගයට පෙරවදනක් එක් කරමින්, කොළඹ රාජකීය විද්‍යාලයීය සිසුන් සහ ආදි සිසුන් විසින් සංවිධානය කරනු ලබන සම්ප්‍රදායික රථ පෙළපාලිය (Cycle Parade) ඊයේ (11) කොළඹ වීදි පුරා ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. නිල් සහ රන්වන් වර්ණයෙන් සැරසුණු රාජකීයන් මෙන්ම නිල් සහ කළු වර්ණයෙන් සැරසුණු තෝමසුවන් ද සිය සරසවි මාතාවන්ගේ ගෞරවය උදෙසා අද පිටියට පිවිසෙන්නේ 147 වැනි වරටත් ඩී.එස්. සේනානායක අනුස්මරණ කුසලානය අයිති කර ගැනීමේ අරමුණ ඇතිවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්