සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

කෙහෙළිය යළි රිමාන්ඩ් කිරීමට නියෝග – පුතාත් සැකකරුවන් අතරට

කොළඹ – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන ජුනි මස 03 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (20)

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන ජුනි මස 03 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (20) නියෝග කළා.

බන්ධනාගාරගතව සිටි රඹුක්වැල්ල අද උදෑසන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නා.

මීට අමතරව, මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ද නම් කිරීමට අධිකරණය අවසර ලබා දුන් බව වාර්තා වේ. මෙම සිදුවීමත් සමග නඩුවේ විමර්ශන කටයුතු තවත් තීව්‍ර වනු ඇතැයි නීති විශේෂඥයින් පවසයි.

මෙම නඩුවට අදාළ වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතින අතර, ඉදිරි නඩු විභාගයේදී තවත් කරුණු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්