කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය (NPP) විසින් දිනාගෙන තිබෙනවා. ඒ අනුව, ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය එහි නව නගරාධිපතිනිය ලෙස තේරී පත්වී ඇති

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය (NPP) විසින් දිනාගෙන තිබෙනවා. ඒ අනුව, ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය එහි නව නගරාධිපතිනිය ලෙස තේරී පත්වී ඇති බව වාර්තා වේ.

අද (ජූනි 16) පැවති රහස් ඡන්ද විමසීමේදී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඡන්ද 61ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඇගේ ප්‍රතිවාදියා වූ විපක්ෂය නියෝජනය කළ රීසා සාරුක් මහතාට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 54ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමඟ ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ පාලන බලය ලබා ගෙන ඇති අතර, නව නගරාධිපතිනිය යටතේ කොළඹ නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්