සිරස්තල
වැලිකඩ රැඳවියෙකුගේ මරණය: බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට නාවලපිටියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට: සිසුන් 13ක් රෝහලේ සුපිරි නළු විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් “ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා”: ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක් ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා

කොළඹ වරායට අභියෝගයක්: ඉන්දියාවේ විසිංජාම් අන්තර්ජාතික වරාය විවෘතයි

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විසිංජාම් නමැති ස්ථානයේ අන්තර්ජාතික ගැඹුරු ජල බහුකාර්ය වරායක් විවෘත කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම්

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විසිංජාම් නමැති ස්ථානයේ අන්තර්ජාතික ගැඹුරු ජල බහුකාර්ය වරායක් විවෘත කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි යන අය විසින් මෙම වරාය විවෘත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම වරාය ඉන්දියාවේ ප්‍රථම ප්‍රතිනැව්ගතකරණ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගතකරණ මධ්‍යස්ථානය ලෙස දිගු කලක් ක්‍රියාත්මක වූ කොළඹ වරාය හරහා දැනට ගෙන යන භාණ්ඩවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉන්දියාව මෙම වරාය ඉදිකර තිබෙනවා.

මෙමඟින් කොළඹ වරායට පමණක් නොව ඩුබායි වරායටද යම් බලපෑමක් ඇතිවිය හැකි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහයෝගීතාවයෙන් සංවර්ධනය කළ මෙම විසිංජාම් වරාය, බහාලුම් මෙහෙයවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව සඳහන්. තවද, තිරුවානන්පුරම් හි පිහිටි මෙම වරාය කලාපීය නාවික ගමන් මාර්ග වෙනස් කිරීමටත්, ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාවේ ස්ථාවරය ශක්තිමත් කිරීමටත් ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්