සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

‘ගාලු කුමාරි’ කැබ් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ ‘ගාලු කුමාරි’ සීග්‍රගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් අද (22) උදෑසන බරපතළ අනතුරක් සිදුව තිබේ. මෙම අවාසනාවන්ත අනතුරෙන් කැබ් රථයේ

මිතුරන් සමග බෙදාගන්න

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ ‘ගාලු කුමාරි’ සීග්‍රගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් අද (22) උදෑසන බරපතළ අනතුරක් සිදුව තිබේ.

මෙම අවාසනාවන්ත අනතුරෙන් කැබ් රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කළේය.

අද උදෑසන දුම්රිය මග හරස් කරමින් කැබ් රථය ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුර සිදුවූ වහාම එහි සිටි පිරිස රෝහල් ගත කිරීමට පියවර ගැනුණි.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වයස අවුරුදු 22 සහ 28 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි. දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් පැවතියේද නැතහොත් රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතු වූයේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්