සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

චාමරට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය. 2016 වසරේ ඌව

මිතුරන් සමග බෙදාගන්න

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය.

2016 වසරේ ඌව පළාත් මහ ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී පෙර පාසල් සිසුන් සඳහා පොත් බෑග් ලබා දීමට රාජ්‍ය බැංකුවකින් ලැබුණු රුපියල් මිලියනයක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

අදාළ ඇප ඉල්ලීම බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් සලකා බැලීමෙන් පසු, මන්ත්‍රීවරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් වීමට අවසර ලැබිණි.

මෙම නඩුව නැවත ලබන ඔක්තෝබර් 21 වන දින කැඳවීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්