සිරස්තල
ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර හමුවෙයි එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක් රුසියාවෙන් පිළිකා එන්නතක්: භාවිතයට සූදානම් බවට නිල ප්‍රකාශයක්

චිකුන්ගුන්යා ව්‍යාප්තිය ඉහළට

කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි . ඔහු සඳහන්

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි .

ඔහු සඳහන් කළේ ‘චිකුන්ගුන්යා’ වෛරසය ආසාදිත මදුරුවෙක් දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවයි.

එමෙන්ම ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේද වාහකයා ලෙස කටයුතු කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මඟින් පමණක් ‘චිකුන්ගුන්යා’ රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි.

මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන බවත් ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්