සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ජනපති, අගමැති, විපක්ෂ නායක වෙසක් දින පණිවිඩය

බුදුන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරමින් දියුණු රටක් ගොඩනැගීමටත්, “පොහොසත් රටක් – සුන්දර ජීවිතයක්” යන ජනතා බලාපොරොත්තුව ඉටු කිරීමටත් අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති

මිතුරන් සමග බෙදාගන්න

බුදුන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරමින් දියුණු රටක් ගොඩනැගීමටත්, “පොහොසත් රටක් – සුන්දර ජීවිතයක්” යන ජනතා බලාපොරොත්තුව ඉටු කිරීමටත් අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

වෙසක් දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සිව් බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් යුද්ධයෙන් තොර සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාවය ඔහු සිය වෙසක් පණිවිඩයෙන් අවධාරණය කරනවා.

රටක පාලකයා දැහැමි වූ විට සියලු ජනතාව සතුටින් ජීවත් වන බව බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති බවද ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා.

රට නිවැරදි වෙනසකට යොමු වෙමින් පවතින මෙම අවස්ථාවේ මිනිස් සිත් සුවපත් කිරීමට වෙසක් කාලය වඩාත් සුදුසු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරනවා.

ඒ සඳහා එක්සිත්ව සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඇය සියලු දෙනාට ආරාධනා කරනවා.

ලෝකයේ ඇතැම් රටවල පවතින යුද්ධ අවසන් වී ලෝකවාසීන්ට සතුටින් හා සාමයෙන් ජීවත් වීමට අවස්ථාව සැලසීම තම සහ සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාව බව ඇය සිය පණිවිඩයෙන් වැඩිදුරටත් පවසනවා.

රට මුහුණ දී ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේදී බෞද්ධ දර්ශනයේ හේතුඵල ධර්මය අවබෝධ කර ගැනීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය වෙසක් පණිවිඩයෙන් පවසනවා.

රටක් ලෙස අප මුහුණ දී ඇති ගැටලුවලට සහ ලෝකයේ ගැටලුවලට විසඳුම් සෙවීමේදී ගැටලුවෙන් පැන නැගුණු ප්‍රතිඵලයට පමණක් අවධානය යොමු නොකර ගැටලුවට හේතු වූ කරුණු සොයා බැලිය යුතු බව ඔහු පෙන්වා දෙනවා.

යමක් ඇති වන්නේ කෙසේද යන්න සොයා බලා පිළියම් යෙදීම බෞද්ධ දර්ශනයේ මූලික සිද්ධාන්තයක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්