සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

ජපානයටත් ප්‍රබල භූකම්පනයක අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ

මිතුරන් සමග බෙදාගන්න

ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි බව ද එම වාර්තාවල සඳහන්ය.

ජපාන රාජ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම භූකම්පනය ඇති වීමේ ඉඩ 80%ක් බවය.

එම භූකම්පනයෙන් ජීවිත 300,000ක් පමණ අහිමිවිය හැකි බව ද අදාළ වාර්තා හෙළිදරව් කර තිබේ.

මෙම භූකම්පනය පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවිය හැකි බවට ද පුරෝකථනය කර ඇත.

එම භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක්ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවත් අදාළ වාර්තා සඳහන් කර තිබේ.

භූකම්පනය හේතුවෙන් ජපානයේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අහිමි විය හැකි බවද අදාළ වාර්තාවල වෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්