සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

ජපානයේ රිච්ටර් මාපකයේ 6.0ක භූමිකම්පාවක්

ජපානයේ තෙවන විශාලම දූපත ලෙසින් සැලකෙන කියුෂු දූපත ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.0ක භූමිකම්පාවක් ඇති වූ බව එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසයි. ජපාන වේලාවෙන් අද (2)

මිතුරන් සමග බෙදාගන්න

ජපානයේ තෙවන විශාලම දූපත ලෙසින් සැලකෙන කියුෂු දූපත ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.0ක භූමිකම්පාවක් ඇති වූ බව එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසයි.

ජපාන වේලාවෙන් අද (2) ප.ව. 7.34ට පමණ මෙම භූමිකම්පාව ඇතිව ඇති අතර, එය කියුෂු දූපතට කිලෝමීටර 40ක් පමණ ගැඹුරින් සිදුව ඇත.

කෙසේ නමුත් මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි හෝ අනෙකුත් හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

ජපාන රජය ඊයේ (1) නිකුත්කළ වාර්තාවක සඳහන් වූයේ එරට තුළ ඉදිරියේදී ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි බව එම වාර්තාවල සඳහන් විය.

ජපාන රාජ්‍ය එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එම භූමිකම්පාව ඇතිවීමේ ඉඩ 80%ක් බවත්, ඉන් ජීවිත ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් අහිමිවිය හැකි බවයි.

පසුගිය සිකුරාදා (28) මියන්මාරයට ඇති වූ රිච්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවකින් එරට ගොඩනැගිලි රැසක් බිමට සමතලා වූ අතර, 2,800කට වැඩි පිරිසක් මිය ගියේය.

එම භූමිකම්පාවෙන් දින කිහිපයකට ජපානයේ මෙම භූමිකම්පාව ඇතිවිය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්