සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ජෝ බයිඩන්ට පිළිකාවක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ. වෛද්‍යවරුන් පවසන පරිදි, දැනට 82 වන වියේ පසුවන ඔහුගේ මෙම

මිතුරන් සමග බෙදාගන්න

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ.

වෛද්‍යවරුන් පවසන පරිදි, දැනට 82 වන වියේ පසුවන ඔහුගේ මෙම රෝගය අස්ථි දක්වා පැතිරී ඇත. මුත්‍රා රෝග ලක්ෂණ හේතුවෙන් පසුගිය සතියේ වෛද්‍යවරයෙකු හමුවීමෙන් පසුව, ජනවාරි මාසයේදී ජනාධිපති ධුරයෙන් ඉවත්වූ බයිඩන්ගේ මෙම රෝග තත්ත්වය හඳුනාගෙන ඇත.

ඔහුගේ රෝගය “ඉහළ ශ්‍රේණියේ” ලෙස වර්ග කර ඇති අතර, පිළිකා සෛල ඉක්මනින් පැතිර යා හැකි බව එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

මේ අතර, බයිඩන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ජෝ බයිඩන්ගේ මෑත කාලීන වෛද්‍ය රෝග විනිශ්චය ගැන දැනගත් විට තමන් සහ බිරිඳ මෙලනියා කම්පාවට පත් වූ බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්