සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

ටික්ටොක් සුපිරි තරුව කාබි ලාමේ ඇමෙරිකාවෙන් පිටුවහල් කරයි

ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමඟින් ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ, සිය වීසා කාලය ඉක්මවා ඇමෙරිකාවේ රැඳී සිටීම හේතුවෙන් එරට ෆෙඩරල් බලධාරීන්ගේ

මිතුරන් සමග බෙදාගන්න

ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමඟින් ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ, සිය වීසා කාලය ඉක්මවා ඇමෙරිකාවේ රැඳී සිටීම හේතුවෙන් එරට ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්වීමෙන් පසු පසුගියදා ඇමෙරිකාවෙන් නෙරපා හැර තිබෙනවා.

වත්මන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර ඇති ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය (ICE) ගනු ලැබූ තීරණයකට අනුවයි ලාමේ මෙලෙස රටින් පිට කිරීමට පියවර ගෙන ඇත්තේ. ඔහු එම ඒජන්සියේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට ඇත.

සෙනගාල සම්භවයක් සහ ඉතාලි පුරවැසිභාවය සහිත ලාම්ගේ සැබෑ නම සෙරින්ගේ කාබානේ ලාමේ. ගෙවුණු කොවිඩ්-19 වසංගත සමයේදී කිසිදු අදහස් දැක්වීමකින් තොරව, හුදෙක් සිය මුහුණේ ඉරියව් සහ හැසිරීම් මඟින් ඉදිරිපත් කළ උපහාසාත්මක අංග තුළින් ඔහු ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර අතිශය ජනප්‍රිය තාරකාවක් බවට පත් වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්