සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

‘ටීචර් අම්මා’ ගෙන් පහර කෑ තරුණයා රෝහලේ: වෘෂණ කෝෂවලට හානි

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් වන “ටීචර් අම්මා” නොහොත් හයේෂිකා ප්‍රනාන්දුගෙන් පහරදීමකට ලක් වූ තරුණයෙක් වෘෂණ කෝෂවලට හානි සිදුවීම හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. පහරදුන් ගුරුවරිය ප්‍රදේශයෙන්

මිතුරන් සමග බෙදාගන්න

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් වන “ටීචර් අම්මා” නොහොත් හයේෂිකා ප්‍රනාන්දුගෙන් පහරදීමකට ලක් වූ තරුණයෙක් වෘෂණ කෝෂවලට හානි සිදුවීම හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරදුන් ගුරුවරිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඇයගේ සැමියා සහ කළමනාකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැමියා සහ කළමනාකරු ඊයේ (09) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

මේ වන විට සැඟව සිටින ‘ටීචර් අම්මා’ නමින් ප්‍රසිද්ධ ගුරුවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

පහර කෑමට ලක් වූ 32 හැවිරිදි තරුණයා කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා. ඔහුගේ සහෝදරිය යැවූ වට්ස්ඇප් පණිවිඩයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

පහර කෑමට ලක් වූ තරුණයා අදාළ ගුරුවරිය යටතේ සේවය කළ සේවකයෙක් බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්