සිරස්තල
මූල්‍ය වංචා චෝදනා ලැබූ චීන ජාතිකයින් 125ක් විශේෂ යානයකින් මෙරටින් පිටුවහල් කෙරේ ඉරාන තෙල් සහ කාග් දූපත පාලනයට තමන්ට හැකියාව ඇති බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් ගණේමුල්ලේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කොටුවේ ඔස්ට්‍රේලියාවෙන් ඉන්ධන බදු සහනයක් ඇමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක් තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (27) සවස වැසි ඉරාන බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ සහන කාලය අප්‍රේල් 06 දක්වා දීර්ඝ කෙරේ ඉරාන නාවික හමුදාපති අලිරේසා තංසීරි ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට ඊශ්‍රායලය පවසයි කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv

‘ටීචර් අම්මා’ ගෙන් පහර කෑ තරුණයා රෝහලේ: වෘෂණ කෝෂවලට හානි

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් වන “ටීචර් අම්මා” නොහොත් හයේෂිකා ප්‍රනාන්දුගෙන් පහරදීමකට ලක් වූ තරුණයෙක් වෘෂණ කෝෂවලට හානි සිදුවීම හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. පහරදුන් ගුරුවරිය ප්‍රදේශයෙන්

මිතුරන් සමග බෙදාගන්න

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් වන “ටීචර් අම්මා” නොහොත් හයේෂිකා ප්‍රනාන්දුගෙන් පහරදීමකට ලක් වූ තරුණයෙක් වෘෂණ කෝෂවලට හානි සිදුවීම හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරදුන් ගුරුවරිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඇයගේ සැමියා සහ කළමනාකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැමියා සහ කළමනාකරු ඊයේ (09) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

මේ වන විට සැඟව සිටින ‘ටීචර් අම්මා’ නමින් ප්‍රසිද්ධ ගුරුවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

පහර කෑමට ලක් වූ 32 හැවිරිදි තරුණයා කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා. ඔහුගේ සහෝදරිය යැවූ වට්ස්ඇප් පණිවිඩයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

පහර කෑමට ලක් වූ තරුණයා අදාළ ගුරුවරිය යටතේ සේවය කළ සේවකයෙක් බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්