සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් අදියරට

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි. ඒ අනුව අප්‍රේල් මස 05 වැනිදා

මිතුරන් සමග බෙදාගන්න

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒ අනුව අප්‍රේල් මස 05 වැනිදා වන විට එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීමට පියවර ගන්නා බව මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පැවසීය.

මීට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ද මේ වන විට සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව සියලුම දිස්ත්‍රික්කවල තොරතුරු මේ වන විට මුද්‍රණාලය වෙත ලැබී ඇති බව සඳහන්ය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව ගතවු දිනය තුළ මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 06ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ඒ අතර වන බව පොලීසිය පැවසීය.

නිකවැරටිය මීගලෑව ප්‍රදේශයේදි පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් මීගලෑව පොලීසියට පැමිණිල්ලක් වාර්තා වී ඇති බව සඳහන්ය.

මීට අමතරව මාතලේ, කළුතර, ගල්කිස්ස සහ මොනරාගල යන ප්‍රදේශවලින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 06 ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්