සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

දකුණු ඊශ්‍රායලයට හූති ප්‍රහාර දැඩි වෙයි, බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තර්ජනයක්

යේමනයේ හූති කැරලිකරුවන් විසින් දකුණු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලබන ප්‍රහාර මාලාව මේ වන විට තවදුරටත් තීව්‍ර කර තිබේ. කලාපීය යුදමය වාතාවරණය හමුවේ

මිතුරන් සමග බෙදාගන්න

යේමනයේ හූති කැරලිකරුවන් විසින් දකුණු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලබන ප්‍රහාර මාලාව මේ වන විට තවදුරටත් තීව්‍ර කර තිබේ. කලාපීය යුදමය වාතාවරණය හමුවේ හූති සංවිධානය ප්‍රකාශ කරන්නේ තම ප්‍රහාරක මෙහෙයුම් ඉදිරියේදී තවදුරටත් පුළුල් කරන බවයි.

මෙම ප්‍රහාර නතර කිරීම සඳහා හූති පාර්ශවය විසින් ඊශ්‍රායලය වෙත ප්‍රධාන කොන්දේසි දෙකක් ඉදිරිපත් කර ඇත:

ගාසා තීරය සඳහා වන සටන් විරාම ගිවිසුමට වහාම එකඟ වීම.

ඉරානය ඉලක්ක කර ගනිමින් අමෙරිකාව දියත් කරන ප්‍රහාරක මෙහෙයුම් සඳහා ඊශ්‍රායලය කිසිදු අයුරකින් හවුල් නොවීම.

හූති නායකයින් විසින් සිදු කරන ලද වඩාත් භයානක ප්‍රකාශය වන්නේ, ලෝකයේ ප්‍රධානතම වෙළෙඳ නාවික මාර්ගයක් වන බාබ් අල්-මන්ඩෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් සූදානම් බවයි. රතු මුහුද සහ ඉන්දීය සාගරය යා කරන මෙම මර්මස්ථානය වසා දැමුවහොත්, ජාත්‍යන්තර සැපයුම් දාමයට සහ බලශක්ති ප්‍රවාහනයට මාරාන්තික බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හූති බලධාරීන් අවධාරණය කරන්නේ තම ඉල්ලීම් ඉටු නොවන තාක් කල් ඊශ්‍රායලයට එරෙහිව දියත් කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර අඛණ්ඩව සිදු කරන බවයි. මෙම තත්ත්වය හමුවේ රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවල ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර නාවික බලකායන් සිය සෝදිසි මෙහෙයුම් දැඩි කර තිබේ.v

වෙනත් පුවත්

උණුසුම් පුවත්