සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

දින 26 කට පසු ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

ප්‍රංශයේ අලුතින් පත් වූ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ෆ්‍රැන්කොයිස් බයිරූගේ (François Bayrou) පෙර රජය බිඳ

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රංශයේ අලුතින් පත් වූ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ෆ්‍රැන්කොයිස් බයිරූගේ (François Bayrou) පෙර රජය බිඳ වැටීමෙන් අනතුරුව අගමැති ධුරයට පත් වූ ලෙකෝර්නු, දින 26 ක ඉතා කෙටි කාලයක් තුළ මෙම තීරණය ගෙන ඇති බවයි.

අද (ඔක්තෝබර් 06) උදෑසන, ලෙකෝර්නු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) මහතා සමඟ පැයක කාලයක් පුරා සාකච්ඡා කර තිබේ.

මෙම හමුවෙන් අනතුරුව එලිසී මාළිගය (Élysée Palace) විසින් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන ලදී.

ප්‍රංශ දේශපාලනය තුළ මෙතරම් කෙටි කාලයකින් අගමැතිවරයකු ඉවත් වීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්