සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම

මිතුරන් සමග බෙදාගන්න

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට දෙවන අදියරේ (Stage 2) නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙය ඉහළ අවදානමක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශවාසීන් වඩාත් සැලකිලිමත් විය යුතුයි.

පළමු අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ

ඊට අමතරව, පළමු අදියරේ (Stage 1) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදිය:

  • කොළඹ දිස්ත්‍රික්කය: පාදුක්ක
  • ගාල්ල දිස්ත්‍රික්කය: ඇල්පිටිය
  • කළුතර දිස්ත්‍රික්කයේ: වලල්ලාවිට, අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම
  • මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරළය
  • කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට, දැරණියගල සහ දෙහිඕවිට
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව
  • රත්නපුර දිස්ත්‍රික්කය: පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන

මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නායයෑම්වලට අදාළ පෙර නිමිති (උදා: පස් පිපිරීම්, ගස් ඇලවීම, ජල උල්පත් මතු වීම) පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසයි. යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත හෝ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස NBRO වැඩිදුරටත් දැනුම් දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්