සිරස්තල
ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර හමුවෙයි එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක් රුසියාවෙන් පිළිකා එන්නතක්: භාවිතයට සූදානම් බවට නිල ප්‍රකාශයක්

දේශබන්දු ඇප මත මුදා හැරේ

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මුදා හැරීම‌ට අධිකරණය නියෝග කර තිබේ. ඒ, ඔහු අද පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්

මිතුරන් සමග බෙදාගන්න

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මුදා හැරීම‌ට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඔහු අද පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ⁣ඇප 2ක් මත මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය පෙරබවාරි 28 වැනිදාය.

ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් අසල වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙනි.

දින 20ක් සැගව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා මාර්තු 19 වැනිදා මෝසමක් ගොනු කරමින් අධිකරණයට භාර වුණි.

මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා පසුගිය 3 වැනිදා නියෝග කළේ, දේශබන්දු තෙන්නකෝන් මහතා අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්