සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට

ඉන්දියාවෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් ප්‍රදේශයේදී නව හැවිරිදි දියණියකට පොරවකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳවයි මේ පුවත. මෙම අමානුෂික

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් ප්‍රදේශයේදී නව හැවිරිදි දියණියකට පොරවකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳවයි මේ පුවත. මෙම අමානුෂික ඝාතනය පසුගිය ඉරිදා සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එදින දැරිය බයිසිකලයක් පදිමින් සිටියදී එයින් වැටී ඇති බවයි. ඊට කෝපයට පත් වූ පියා, දැරිය නිදා සිටියදී පොරවකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අපරාධය සිදු කරන අවස්ථාවේ සැකකාර පියා බීමතින් සිට ඇති බවද අනාවරණය වී ඇත.

පොලීසිය තවදුරටත් සඳහන් කළේ, ගෞරි නම් මෙම දැරිය නිතර නිතර අසනීප වූ අතර, ඊට ද ඇයගේ පියා වන ගයනේෂ්වර් ජාදව් කලකිරීමෙන් පසු වූ බවයි. ඝාතනයෙන් පසු පැය 24ක් පුරා පියා විසින් දැරියගේ මෘත ශරීරය නිවස තුළ සඟවාගෙන සිට ඇති බවද විමර්ශන සිදු කරන පොලීසිය පවසයි.

අපරාධය සිදු කළ සැකකාර පියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්