සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට

ඉන්දියාවෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් ප්‍රදේශයේදී නව හැවිරිදි දියණියකට පොරවකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳවයි මේ පුවත. මෙම අමානුෂික

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් ප්‍රදේශයේදී නව හැවිරිදි දියණියකට පොරවකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳවයි මේ පුවත. මෙම අමානුෂික ඝාතනය පසුගිය ඉරිදා සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එදින දැරිය බයිසිකලයක් පදිමින් සිටියදී එයින් වැටී ඇති බවයි. ඊට කෝපයට පත් වූ පියා, දැරිය නිදා සිටියදී පොරවකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අපරාධය සිදු කරන අවස්ථාවේ සැකකාර පියා බීමතින් සිට ඇති බවද අනාවරණය වී ඇත.

පොලීසිය තවදුරටත් සඳහන් කළේ, ගෞරි නම් මෙම දැරිය නිතර නිතර අසනීප වූ අතර, ඊට ද ඇයගේ පියා වන ගයනේෂ්වර් ජාදව් කලකිරීමෙන් පසු වූ බවයි. ඝාතනයෙන් පසු පැය 24ක් පුරා පියා විසින් දැරියගේ මෘත ශරීරය නිවස තුළ සඟවාගෙන සිට ඇති බවද විමර්ශන සිදු කරන පොලීසිය පවසයි.

අපරාධය සිදු කළ සැකකාර පියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්