සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් 16 සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අප්‍රේල්

මිතුරන් සමග බෙදාගන්න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අප්‍රේල් 20 සහ 27 යන ඉරිදා දිනයන් දෙක ද වි‍ශේෂ දිනයන් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් සිදුකරන අතර එම කටයුතු අප්‍රේල් මස 29 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

ඒ අනුව බෙදාහැරීම් කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් මස 16 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අප්‍රේල් මස 07 වනදා සිදුකෙරෙන බව ද මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මෙම කටයුතු සිදුකිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්