සිරස්තල
දකුණු ඊශ්‍රායලයට හූති ප්‍රහාර දැඩි වෙයි, බාබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තර්ජනයක් සිංහල අවුරුද්දට දිවයින පුරා විශේෂ ආරක්ෂාවක් මැදපෙරදිග අර්බුදය තීරණාත්මක කඩඉමක, ට්‍රම්ප්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් නව වැට් බදු ඉන්වොයිස් ක්‍රමය මාස තුනකින් කල් යයි මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී හෙට (01) සියලුම වාහන අංක සඳහා ඉන්ධන නිකුත් කෙරේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නැව්වලට ඉරානයෙන් නව බදු පැනවෙයි: ඇමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට තහනමක් ඩුබායි වරායේ නැංගුරම් ලා තිබූ කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක් රජයේ වෛද්‍යවරුන් අද (31) සිට දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක දැඩි හිරු රශ්මියෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් 16 සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අප්‍රේල්

මිතුරන් සමග බෙදාගන්න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අප්‍රේල් 20 සහ 27 යන ඉරිදා දිනයන් දෙක ද වි‍ශේෂ දිනයන් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් සිදුකරන අතර එම කටයුතු අප්‍රේල් මස 29 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

ඒ අනුව බෙදාහැරීම් කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් මස 16 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අප්‍රේල් මස 07 වනදා සිදුකෙරෙන බව ද මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මෙම කටයුතු සිදුකිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්