සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටෙයි

නිව්යෝර්ක්හි ලාගාඩියා (LaGuardia) ගුවන්තොටුපොළේ ගුවන් පථය ආසන්නයේදී මගී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. එයාර් කැනඩා (Air Canada) සමාගමට අයත් මෙම යානය අනතුරට

මිතුරන් සමග බෙදාගන්න

නිව්යෝර්ක්හි ලාගාඩියා (LaGuardia) ගුවන්තොටුපොළේ ගුවන් පථය ආසන්නයේදී මගී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. එයාර් කැනඩා (Air Canada) සමාගමට අයත් මෙම යානය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් සිට ඇති නමුත්, වාසනාවකට මෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ හානි සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානය ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වන අවස්ථාවේදී මෙම ගැටීම සිදුව ඇති අතර, එම අවස්ථාවේ යානය අවම වේගයකින් ගමන් කරමින් තිබීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වී තිබේ. කෙසේ වෙතත්, අනතුර හේතුවෙන් ගුවන් යානයට සහ ට්‍රක් රථයට යම් හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙම හදිසි තත්ත්වයත් සමඟ ආරක්ෂක පියවරක් ලෙස ලාගාඩියා ගුවන්තොටුපොළේ සියලුම මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති අතර, ගුවන් ගමන් යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්