සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

පළමු IPL තරගයේ ජය RCB කණ්ඩායමට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම ඊයේ සමත් විය. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස්

මිතුරන් සමග බෙදාගන්න

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම ඊයේ සමත් විය.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 174ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී නායක අජින්කියා රහානි පන්දු 31කදි ලකුණු 56ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

අනතුරුව පිටියට පැමිණි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2කදී කඩුළු 3ක් දැව ලකුණු 177ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

බැංගලූර් කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි නොදැවී ලකුනු 59ක් රැස්කර ගත්තේය.

ඊට දැවැන්ත හයේ පහ 3ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්