සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

පළමු IPL තරගයේ ජය RCB කණ්ඩායමට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම ඊයේ සමත් විය. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස්

මිතුරන් සමග බෙදාගන්න

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම ඊයේ සමත් විය.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 174ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී නායක අජින්කියා රහානි පන්දු 31කදි ලකුණු 56ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

අනතුරුව පිටියට පැමිණි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2කදී කඩුළු 3ක් දැව ලකුණු 177ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

බැංගලූර් කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි නොදැවී ලකුනු 59ක් රැස්කර ගත්තේය.

ඊට දැවැන්ත හයේ පහ 3ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්