සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

ප්‍රසංගය මැද සාය ගැලවුණු ජෙනිෆර් ලෝපෙස් කළ දේ මෙන්න

ලෝක ප්‍රකට ගායන තාරකාවක් සහ නිළියක් වන ජෙනිෆර් ලෝපෙස් පසුගිය දා (ජූලි 25) පෝලන්තයේ වෝර්සෝ හි පැවති ප්‍රසංගයක් අතරතුරදී අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ, වේදිකාව

මිතුරන් සමග බෙදාගන්න

ලෝක ප්‍රකට ගායන තාරකාවක් සහ නිළියක් වන ජෙනිෆර් ලෝපෙස් පසුගිය දා (ජූලි 25) පෝලන්තයේ වෝර්සෝ හි පැවති ප්‍රසංගයක් අතරතුරදී අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ, වේදිකාව මැද ඇගේ සාය ගැලවී යාම නිසාවෙන්. කෙසේ වෙතත්, මෙම සිදුවීමට ජෙනිෆර් අපූරු ආකාරයට ප්‍රතිචාර දැක්වූ අතර, ඒ නිසාම ඈට පුළුල් පැසසුමක් ලැබී තිබෙනවා.

සාය ශරීරයෙන් ලිස්සා යාමත් සමඟ, ඇයට සිදුවන්නේ යට ඇඳුම් සහිතව වේදිකාවේ රැඳී සිටීමටයි. මුලින් පුදුම වන ආකාරයක් පෙන්නුම් කළත්, පසුව ඈ ඊට සිනාසෙමින්, නර්තන ශිල්පීන් සමඟ විහිළු කරමින්, නරඹන්නන් හට, “මම මෙතැන ඉන්නේ මගේ යට ඇඳුම් එක්ක!” කියා පවසමින් තත්ත්වය සාමාන්‍යකරණය කරගත්තා. ඒ විතරක් නොවෙයි, “මම යට ඇඳුම් ඇඳගෙන සිටීම ගැනත් මම සතුටුයි. මම සාමාන්‍යයෙන් යට ඇඳුම් අඳින්නේ නැහැ…” කියාද ඇය විහිළු කළා.

ඉන්පසුව, ඇයගේ නර්තන ශිල්පිනියක් ගැලවී ගිය සාය නැවත සවි කිරීමට උත්සාහ කරන තෙක් ලෝපෙස් බලා සිටියා. ඒ අතරතුර, සංගීත කණ්ඩායම ඇගේ අලුත්ම ගීතය වන ‘Birthday’ වාදනය කිරීමට පටන් ගත්තා. ලෝපෙස්ගේ 56 වන උපන්දිනය යෙදී තිබුණේ ඊට පෙර දින වන අතර, ඇය සිය නවතම ගීතය ‘Birthday’ මැයෙන් නිකුත් කර, තෙමහල් කේක් ගෙඩියකුත් කපා උපන්දිනය සැමරුවා.

කෙසේ වෙතත්, අදාළ වීඩියෝවට අනුව නර්තන ශිල්පිනියට සාය නැවත නිසි ලෙස සවි කිරීමට නොහැකිව යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, ජෙනිෆර් ලෝපෙස් එම ඇඳුම ප්‍රේක්ෂකයන් වෙතට විසි කර දැමුවා.

මෙම සිදුවීම විදෙස් මාධ්‍යවල වැඩි කතාබහට ලක්වන්නේ, වේදිකාවේදී පවා ඕනෑම තත්ත්වයකට නිර්භීතව හා හාස්‍යජනක ලෙස මුහුණ දීමේ ජෙනිෆර් ලෝපෙස්ගේ හැකියාව මනාව පෙන්නුම් කරමින් වීම විශේෂයි. ලෝපෙස්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රසංගය, වසර හයකට පසු ඇය ආරම්භ කළ පළමු සංගීත චාරිකාවේම කොටසක්.

වෙනත් පුවත්

උණුසුම් පුවත්