සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්

එළඹෙන පෙබරවාරි 15 වන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක විස්සයි-20 තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ

මිතුරන් සමග බෙදාගන්න

එළඹෙන පෙබරවාරි 15 වන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක විස්සයි-20 තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව තහවුරු කළේය.

පස්වරු 07.00 ට ආරම්භ වීමට නියමිත මෙම උණුසුම් තරගය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් සඳහා පොලිසිය විසින් විශේෂ දැනුම්දීම් කිහිපයක් නිකුත් කර ඇත:

ප්‍රේක්ෂකයින් සඳහා ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 03.00 සිට විවෘතව තැබේ.

අවසාන මොහොතේ ඇතිවිය හැකි තදබදය සහ ආරක්ෂක පරීක්ෂාවන් සඳහා ගතවන කාලය සැලකිල්ලට ගෙන, හැකි ඉක්මනින් ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස පොලිසිය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.

ලොව පුරා අවධානය දිනාගත් මෙම තරගය වෙනුවෙන් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග සහ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනු ඇත. මේ හේතුවෙන් එදින සවස් කාලයේදී ක්‍රීඩාංගණය අවට මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිසිය උපදෙස් දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්