සිරස්තල
තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (27) සවස වැසි ඉරාන බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ සහන කාලය අප්‍රේල් 06 දක්වා දීර්ඝ කෙරේ ඉරාන නාවික හමුදාපති අලිරේසා තංසීරි ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට ඊශ්‍රායලය පවසයි කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන්

පුටීන්ගෙන් මෝදිට ඇරයුමක්

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර තිබේ. දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය

මිතුරන් සමග බෙදාගන්න

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර තිබේ.

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය කිරීමේ 80වන සංවත්සරය වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන උත්සවය සඳහා පැමිණෙන ලෙස මෙම ආරාධනා කර ඇත.

එම සැමරුම මැයි මස 9වනදා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව රුසියාවට මිත්‍ර රටවල් කිහිපයක නායකයින්ද සහභාගිවීමට නියමිතව ඇත.

අගමැති මෝදි මීට පෙර 2024 වසරේදී ද රුසියාවේ සංචාරයක නිරත විය.

එම සංචාරයේදී අගමැති මෝදි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එම ආරාධනය පුටීන් විසින් පිළිගෙන තිබුණි.

කෙසේ වෙතත් එම සංචාරයේ දිනයන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්