සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

පුටීන්ගෙන් මෝදිට ඇරයුමක්

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර තිබේ. දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය

මිතුරන් සමග බෙදාගන්න

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර තිබේ.

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය කිරීමේ 80වන සංවත්සරය වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන උත්සවය සඳහා පැමිණෙන ලෙස මෙම ආරාධනා කර ඇත.

එම සැමරුම මැයි මස 9වනදා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව රුසියාවට මිත්‍ර රටවල් කිහිපයක නායකයින්ද සහභාගිවීමට නියමිතව ඇත.

අගමැති මෝදි මීට පෙර 2024 වසරේදී ද රුසියාවේ සංචාරයක නිරත විය.

එම සංචාරයේදී අගමැති මෝදි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එම ආරාධනය පුටීන් විසින් පිළිගෙන තිබුණි.

කෙසේ වෙතත් එම සංචාරයේ දිනයන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්