සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

පුටුවකින් වැටීමෙන් නිසා බැසිල්ට මාස 6ක් ගුවන් ගමන් අහිමි වෙයි

නීති විරෝධී ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන නොවැම්බර් 21

මිතුරන් සමග බෙදාගන්න

නීති විරෝධී ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (මැයි 23) නියෝග කළේය.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය කරුණු දක්වමින්, “ස්වාමිනි, මෙම නඩුවේ තුන්වන සැකකරු වන බැසිල් රාජපක්ෂට 2024 සැප්තැම්බර් 18 වැනිදා දක්වා පමණක් විදේශ ගතවීමට අවසර ලබා දී තිබුණා. එවැනි පසුබිමක ඔහු අද අධිකරණයේ පෙනී සිටින්නේ නැහැ. එබැවින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා” යැයි පැවසුවාය.

ඊට ප්‍රතිචාර වශයෙන්, බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා මෙලෙස කරුණු දැක්වීය: “ස්වාමිනි, මගේ සේවාදායකයා මැයි 18 සහ 19 යළි මෙරටට ඒමට ගුවන් ටිකට්පත් වෙන් කර තිබුණා. නමුත් අමෙරිකාවේ සිටින ඔහු පුටුවකින් ඇද වැටී අනතුරකට ලක්වී ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවී තිබෙනවා. මාස 06ක් ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියා අමෙරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා.”

කෙසේ වෙතත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගිරිහාගම මහත්මිය නැවතත් අදහස් දක්වමින්, “ස්වාමිනි, මේ X-Ray වාර්තා බැලුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංශ පේෂිවල සුළු ඇදීමක් පිළිබඳව විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුව වෙන බවට වෛද්‍යවරු පවසා තිබෙනවා. වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු 18 වැනිදා. ඔය කියන විදිහට මාස 06ක් ගුවන් ගමන්වලින් වලකින්න කියා වෛද්‍ය නිර්දේශයක් තිබුණා නම් ඇයි මැයි 18, 19 ගුවන් ටිකට්පත් වෙන් කළේ? එම නිසා ස්වාමිනි, මෙම වෛද්‍ය වාර්තා පිළි නොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා” යැයි කියා සිටියාය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා, “ස්වාමිනි, මගේ සේවාදායකයා ලෙඩක් නැතුවත් ආවේ නැහැ කියා පෙන්වන්න හදන්නේ හොරෙක් කියාද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරු වගේ හොරු නැහැ. ඊළඟ නඩු දිනයේ මගේ සේවාදායකයා අධිකරණයට පැමිණෙනවා” යනුවෙන් සඳහන් කළේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, මෙම නඩුව දීර්ඝ කාලයක් සලකා බැලෙන බැවින් අදාළ සැකකරු එම කාලය පුරාවට අධිකරණය හමුවේ පෙනී සිට ඇති නිසා ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් සිදු නොකර මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරන බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්