සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගනිමින්, ගෙවුණු පෙබරවාරි මාසය තුළ පමණක් මෙරටට සංචාරකයින් 279,328 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගනිමින්, ගෙවුණු පෙබරවාරි මාසය තුළ පමණක් මෙරටට සංචාරකයින් 279,328 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි. මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 16.2%ක සැලකිය යුතු වර්ධනයකි.

නවතම දත්ත වාර්තාවලට අනුව, පෙබරවාරි මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 47,679ක් වන අතර එය සමස්ත පැමිණීම්වලින් 17%ක් නියෝජනය කරයි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 30,788ක්, රුසියාවෙන් 23,099ක්, ජර්මනියෙන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශයෙන් 17,174ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

2026 වසරේ මුල් මාස දෙක (ජනවාරි සහ පෙබරවාරි) සැළකිල්ලට ගත් විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655කි. වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ඉන්දියාවෙන් (99,740) වාර්තා වන අතර, එක්සත් රාජධානිය (60,328) සහ රුසියාව (50,233) පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්