සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ, සිමන්ස් ඊයේ (ජූලි

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ, සිමන්ස් ඊයේ (ජූලි 04) ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඔහු මෙලෙස ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත්තේ, කලින් නියම කර ගත් වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන් බව තොරතුරු වාර්තා වේ.

බංග්ලාදේශ කණ්ඩායමේ කළමනාකරු නෆීස් ඉක්බාල් සඳහන් කළේ, ප්‍රතිකාරවලින් අනතුරුව ලබන ජූලි 08 වනදා පැවැත්වෙන අවසන් එක්දින තරගය වෙනුවෙන් ජූලි 07 වනදා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුට අද (ජූලි 05) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී කණ්ඩායම සමඟ රැඳීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ආරම්භවීමට පෙර සිමන්ස් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඊට අනුමැතිය ලබාගෙන තිබුණා. ෆිල් සිමන්ස්ට පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම වෛද්‍ය උපදේශන කටයුතු සඳහා වෛද්‍යවරුන් හමුවීමට තිබුණද, චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ඔහුට එය මඟ හැරී තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්