බොරලැස්ගමුවේ බෝම්බ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් ප්‍රශ්න කෙරේ

2008 වසරේ බොරලැස්ගමුවේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ මහාධිකරණය හමුවේ

මිතුරන් සමග බෙදාගන්න

2008 වසරේ බොරලැස්ගමුවේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නේය.

එම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතනය කිරීමේ අරමුණින් 2008 ඔක්තෝබර් 10 වැනිදාය. මෙම ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.

මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයට පැමිණියේය. නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස ඔහුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්