සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

භානුක සහ ධනංජය නැවතත් විස්සයි20 සංචිතයට

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අයිසීසී විස්සයි20 ලෝක කුසලානයට පෙර කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණින්, එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා

මිතුරන් සමග බෙදාගන්න

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අයිසීසී විස්සයි20 ලෝක කුසලානයට පෙර කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණින්, එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා යළිත් කැඳවා ඇති බව වාර්තා වේ.

ලබන නොවැම්බර් 11 වනදා ආරම්භ වීමට නියමිත මෙම සංචාරයේදී:

  • තරග තුනකින් යුත් එක්දින තරගාවලියක්
  • පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගී වන විස්සයි20 තුන්කොන් තරගාවලියක්

පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

තේරීම් කමිටු සභාපති උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් රැස්වූ තේරීම් කමිටුව විසින් විස්සයි20 තරගාවලිය සඳහා 22 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර, ඔවුන් දැනට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටිති.

මෙම නැවත කැඳවීම වැදගත් වන්නේ, භානුක රාජපක්ෂ මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව සහ ධනංජය ද සිල්වා 2024 ජුනි මාසයෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට එක්ව නොසිටි බැවිනි.

ලෝක කුසලානයට පෙර මෙම ප්‍රබල පිතිකරුවන් දෙදෙනාට ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් ලබා දීමට තේරීම් කමිටුව මෙහිදී අවධානය යොමු කර ඇති බව පැහැදිලිය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්