සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

මගේ මරණින් පසුවත් රට එක්සේසත් වේවා – මහින්ද රාජපක්ෂ

දශක තුනකට වැඩි කාලයක් පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර වසර 16ක් සපිරීම නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ,

මිතුරන් සමග බෙදාගන්න

දශක තුනකට වැඩි කාලයක් පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර වසර 16ක් සපිරීම නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ලොව දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දමා, සියලු පුරවැසියන්ට මරණ බියෙන් තොරව, ආරක්ෂිතව හා සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක සිට සියලු දෙනාගේම සාමූහික සිහිනයක් වූ බවයි.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවන බවත්, දෙවුන්දර සිට පේදුරුතුඩුව දක්වා සියලු ජනතාව ශ්‍රී ලාංකිකයන් බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. දෙමළ සිවිල් වැසියන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන්ව සිටි අවස්ථාවක සහ ඔවුන් මිනිස් බෝම්බ ලෙස යොදා ගත් අවස්ථාවකදී පවා, ත්‍රිවිධ හමුදාව දිවි පරදුවට තබා ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදු කළ මානුෂීය මෙහෙයුම් හේතුවෙන් ශ්‍රී ලංකා හමුදාව ලෝකයේ දක්ෂතම හා විනයගරුකම හමුදාවක් බවට පත් වූ බවත්, එදා ජීවිත බේරාගත් දෙමළ ජනතාව මේ සඳහා සාක්ෂි දරනු ඇති බවත් ඔහු පවසයි.

යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව තමා දණින් වැටී නමස්කාර කළේ රටේ වීරෝධාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියට බවත් මින් ඉදිරියටත්, තමා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවණේ පවතීවා! යන්න තමාගේ එකම ප්‍රාර්ථනය බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්