සිරස්තල
2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

මාලිමාවේ බස් රථ අධිවේගී මාර්ගයේ නතර වීම ගැන පොලිස් පරීක්ෂණ

ජාතික ජනබලවේගයේ මැයි දින රැළියට සහභාගී වීමට පැමිණි පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගය අයිනේ වාහන නවතා දිවා ආහාර ගන්නා ආකාරය දැක්වෙන

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ජනබලවේගයේ මැයි දින රැළියට සහභාගී වීමට පැමිණි පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගය අයිනේ වාහන නවතා දිවා ආහාර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිර යනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් දැනට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ නමුත්, එලෙස නතර කර තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධිවේගී මාර්ග පොලීසිය අවධාරණය කර සිටිනවා. රථ වාහන නීතියට අනුව අධිවේගී මාර්ගයේ ඕනෑම තැනක හෝ මාර්ගයේ කිසිදු කොටසක වාහන නැවැත්වීම තහනම්. හදිසි අවශ්‍යතාවයකදී පමණයි හදිසි මංතීරුවේ වාහන නැවැත්වීමට අවසර ලැබෙන්නේ.

වාර්තා වන ආකාරයට එම බස් රථ වැලිපැන්න සේවා කලාපයේ වාහන නැවැතුම් ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මාර්ගයේ නතර කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්