සිරස්තල
ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක්

මාලිමාවේ බස් රථ අධිවේගී මාර්ගයේ නතර වීම ගැන පොලිස් පරීක්ෂණ

ජාතික ජනබලවේගයේ මැයි දින රැළියට සහභාගී වීමට පැමිණි පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගය අයිනේ වාහන නවතා දිවා ආහාර ගන්නා ආකාරය දැක්වෙන

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ජනබලවේගයේ මැයි දින රැළියට සහභාගී වීමට පැමිණි පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගය අයිනේ වාහන නවතා දිවා ආහාර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිර යනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් දැනට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ නමුත්, එලෙස නතර කර තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධිවේගී මාර්ග පොලීසිය අවධාරණය කර සිටිනවා. රථ වාහන නීතියට අනුව අධිවේගී මාර්ගයේ ඕනෑම තැනක හෝ මාර්ගයේ කිසිදු කොටසක වාහන නැවැත්වීම තහනම්. හදිසි අවශ්‍යතාවයකදී පමණයි හදිසි මංතීරුවේ වාහන නැවැත්වීමට අවසර ලැබෙන්නේ.

වාර්තා වන ආකාරයට එම බස් රථ වැලිපැන්න සේවා කලාපයේ වාහන නැවැතුම් ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මාර්ගයේ නතර කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්