සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

මැදපෙරදිග යුද උණුසුම ක්‍රිකට් පිටියටත් බලපායි

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසිවූ සිම්බාබ්වේ කණ්ඩායමට යළි සිය මව්බිම බලා පිටත්ව යාමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව

මිතුරන් සමග බෙදාගන්න

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසිවූ සිම්බාබ්වේ කණ්ඩායමට යළි සිය මව්බිම බලා පිටත්ව යාමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ. ඊයේ (01) දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පරාජයත් සමඟ ඔවුන්ගේ ලෝක කුසලාන ගමන් මඟ නිමාවට පත් විය.

කණ්ඩායම අද (01) අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි හරහා හරාරේ නුවර බලා යෑමට සැලසුම් කර තිබුණද, මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් පථ වසා දැමීම නිසා එම ගමන අවලංගු කර තිබේ. මේ හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට තාවකාලිකව මෙරට රැඳී සිටීමට සිදුව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ අදාළ බලධාරීන් මේ වන විට ක්‍රීඩකයින් ආරක්ෂිතව සිය රට බලා පිටත් කර හැරීමට ඇති විකල්ප මාර්ග සහ ගුවන් ගමන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ද තොරතුරු වාර්තා වේ. කලාපීය ගුවන් අවකාශයන් යළි විවෘත වන තෙක් හෝ විකල්ප ගමනාන්තයක් ලැබෙන තෙක් ඔවුන්ට මෙරට රැඳී සිටීමට සිදුවනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්