සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

මීරිගම-කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම්

මිතුරන් සමග බෙදාගන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා විසින් නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස්‍ රථ හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා නොදෙන ඉඩම් හඳුනාගැනීම සහ එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

වෙනත් පුවත්

උණුසුම් පුවත්