සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවයි

යාපනය මණ්ඩතිව් දූපතේ ඉදිවෙමින් පවතින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සියලුම ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබේ.

මිතුරන් සමග බෙදාගන්න

යාපනය මණ්ඩතිව් දූපතේ ඉදිවෙමින් පවතින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සියලුම ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ලබාගත යුතු අත්‍යවශ්‍ය පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් (EIA) මෙතෙක් ලබාගෙන නොමැති බව තහවුරු වීමත් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර ඇත.

උතුරු පළාතට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සැලසුම් කළ මෙම ක්‍රීඩාංගණයේ වැඩකටයුතු පසුගිය වසරේදී නිල වශයෙන් ආරම්භ වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වෙතත්, නීත්‍යානුකූල පාරිසරික අනුමැතියකින් තොරව සංවේදී පරිසර පද්ධතියක් සහිත ප්‍රදේශයක මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සිදු කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ ද අවධානය යොමුව තිබුණි.

මෙම ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ නිම කිරීමට සැලසුම් කර තිබූ අතර, පළමු අදියරේදී තරග පැවැත්වීමට අවශ්‍ය මූලික පහසුකම් ද, පසුව ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය, මාධ්‍ය කුටි සහ විදුලි ආලෝක පද්ධතිය ස්ථාපිත කිරීමට ද නියමිතව තිබුණි.

මෙම අත්හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත කාලසීමාවන් වෙනස් වීමේ අවදානමක් පවතින අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්