සිරස්තල
ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර හමුවෙයි එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක්

රතු මුහුදේ සැබ්මැරීන අනතුරකින් 6ක් මරුට

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති

මිතුරන් සමග බෙදාගන්න

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවයි.

මියගිය සියලු දෙනා රුසියානු ජාතිකය්න් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය හා සංචාරකයින් 50 දෙනෙකු සබ්මැරීනය තුළ සිට ඇත.

එහි සිටි පිරිස අතර රුසියාව, ඉන්දියාව, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලින් පැමිණි පුද්ගලයින් ද වේ.

ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ ඔබ්බෙන් වූ මුහුදේදී අනතුර සිදුව තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්