සිරස්තල
“ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් “බීමතින් රිය පැදවීම – රු. ලක්ෂ 5ක් දඩ හෝ වසර 2ක සිර දඬුවම්”: සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක් සිඟමනේ යෙදෙන දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානයට

රන් ආලේපිත T56 ගිනි අවියට අදාළව දුමින්ද දිසානායක අත්අඩංගුවට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගත් රන් ආලේපිත T56 වර්ගයේ ගිනි අවියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන

මිතුරන් සමග බෙදාගන්න

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගත් රන් ආලේපිත T56 වර්ගයේ ගිනි අවියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අද (මැයි 23) දින දිසානායක මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම රන් ආලේපිත T56 වර්ගයේ ගිනි අවිය පසුගිය අඟහරුවාදා (මැයි 20) සොයා ගත් අතර, ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු මේ වන විටත් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. එම කාන්තාවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත පදනම්ව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

මෙම ගිනි අවියේ හිමිකාරීත්වය සහ එය නිවාස සංකීර්ණයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අනාවරණය වීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්