සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

කිරින්ද ධීවර වරායේ නීති විරෝධීව වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති

මිතුරන් සමග බෙදාගන්න

කිරින්ද ධීවර වරායේ නීති විරෝධීව වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනය විසන්ධි කර නිවසින් බැහැරව සැඟවී සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස කිහිප වරක්ම ඔහුට දැනුම් දුන්නද, විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ඔහු දිගින් දිගටම එය මගහරිමින් සිටින බව කොමිසමේ නිලධාරීන් අධිකරණයට චෝදනා කළා. රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවක් නීතිඥයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබුණත්, ඊට කිසිදු නීතිමය පිළිගැනීමක් නොමැති බවද ඔවුන් කියා සිටියා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියද, මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, එම බලතල උපයෝගී කරගෙන වහාම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්