සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

“වරායෙන් පිට කළ කන්ටේනර්වල ප්‍රභාකරන්ගේ අවි” – අර්චුනා රාමනාදන්

ඊයේ (ජූනි 05) පාර්ලිමේන්තුවේදී යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. “වරායෙන් පිට කළ කන්ටේනර් 300ක් තුළ තායිලන්තයේ

මිතුරන් සමග බෙදාගන්න

ඊයේ (ජූනි 05) පාර්ලිමේන්තුවේදී යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. “වරායෙන් පිට කළ කන්ටේනර් 300ක් තුළ තායිලන්තයේ තිබූ ප්‍රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුධ තොගයක් තිබුණා” යැයි ඔහු එහිදී චෝදනා කළේය.

ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් රාමනාදන් මහතා මෙම චෝදනාව එල්ල කළ අතර, “මම මේක කිව්වා කියලා වෙඩි වදින්න පුළුවන්, මොකද මට ආරක්ෂාව දීලා නැහැ” යනුවෙන්ද සඳහන් කළේය.

රාමනාදන් මහතා වැඩිදුරටත් කියා සිටියේ, “ජනාධිපති චන්දෙට කලින් ජර්මනි ගිහිල්ලා ඩයස් පෝරාව හම්බ වුණා. තායිලන්තයේ තිබුණු ප්‍රභාකරන්ගේ බඩු ටික කුමරන් පද්මනාදන් හරහා (KP) ඒ බඩු ටික මෙහෙට ගෙනල්ලා තියෙනවා. මිනිස්සු කතාවෙනවා. අන්තිමට ඉතිරි වෙච්ච ආයුධ ටික, ගිනි අවි ටික ඒ කන්ටේනර්වල දාලා ගෙනල්ලා තියෙනවා කියලා කියනවා. මට මේක ඔප්පු කරන්න බැහැ. වගකීමෙන් කියන්නේ. කන්ටේනර් 300 තිබුණේ ප්‍රභාකරන්ගේ ගිනි අවි. තැන් තැන්වල ගිහිල්ලා තිබිච්ච ඒවා ගෙනල්ලා තියෙනවා.”

මුලසුනේ සිටි මන්ත්‍රීවරයා “ඔබතුමා වගකීම භාරගන්නවද?” යනුවෙන් විමසූ විට, රාමනාදන් මහතා “වගකීමෙන් කියනවා කියලා මම සිංහලෙන් කිව්වනේ” යනුවෙන් ප්‍රතිචාර දැක්වීය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් මතුවිය. මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා මෙසේ පැවසීය: “පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වෙලා පිස්සු කෙලින්න එපා. අපේ රටේ ජනතාව ඒ පිස්සු වලට අහුවෙන්නේ නැහැ. මේගොල්ලන් යවන්න ඕන අංගොඩ රෝහලට. උතුරු නැගෙනහිර ජනතාවට වැරදීමක් වෙලා.”

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද රාමනාදන් මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමින් “බොරු කියන්න එපා. පුළුවන් නම් ඕක සභාවෙන් එළියට ගිහිල්ලා කියන්න” යනුවෙන් අභියෝග කළේය.

මෙම ආන්දෝලනාත්මක චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර පරීක්ෂණ සිදු වේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්