සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

වසර ගණනාවකට පසු නිව්යෝර්ක් නගරය හිමෙන් වැසෙයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපා ඇති අතිශය දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට මුළු නගරයම සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මිතුරන් සමග බෙදාගන්න

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපා ඇති අතිශය දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට මුළු නගරයම සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අඩි දෙකක් පමණ උසට හිම පතනය විය හැකි මෙම ස්වභාවික විපත, වසර ගණනාවකට පසු නගරයට බලපෑ ප්‍රබලම හිම කුණාටුව ලෙස එරට කාලගුණ අංශ හඳුන්වා දෙයි.

කුණාටුවේ අවදානම හේතුවෙන් නගරයේ දෛනික ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

සියලුම අධිවේගී මාර්ග වසා දමා ඇති අතර, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් වාහන ධාවනය තහනම් කර තිබේ.

බස් රථ සහ දුම්රිය සේවා නතර කර ඇති අතර ගුවන් ගමන් ද අත්හිටුවා ඇත.

පාසල් ඇතුළු රජයේ සහ පෞද්ගලික ආයතන සඳහා නිවාඩු ප්‍රකාශයට පත් කර තිබේ.

නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට උපදෙස් ලබා දුන්නේ, පවතින අනතුරුදායක තත්ත්වය මත සියලු ගමන් බිමන්වලින් වැළකී ආරක්ෂිතව නිවෙස්වලට වී සිටින ලෙසයි.

කාලගුණ වාර්තාවලට අනුව මෙම හිම කුණාටු තත්ත්වය සඳුදා පස්වරුව දක්වා අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. හිම පතනයත් සමඟ ඇති විය හැකි දැඩි සුළං සහ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් අනතුරු ඉහළ යා හැකි බැවින් ආපදා සහන සේවා කණ්ඩායම් දැඩි සූදානමකින් පසුවෙති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්