සිරස්තල
ෂෝන් පොලොක්ගේ වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි! එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි

සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන්න – සජිත්

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත්, ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමටත් සියලුම වැඩ කරන ජනතාව එකම ධජයක් යටතේ එක්විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා

මිතුරන් සමග බෙදාගන්න

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත්, ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමටත් සියලුම වැඩ කරන ජනතාව එකම ධජයක් යටතේ එක්විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහුගේ මැයි දින පණිවිඩය තුළ විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ, වර්තමාන රජය වැඩ කරන ජනතාවට ලබා දුන් පොරොන්දු සහ ප්‍රතිපත්ති කඩ කරමින් ක්‍රියා කරන බවයි.

 

විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ මැයි දින පණිවිඩය පහතින්,

අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය වනුයේ වැඩ කරන ජනතාව යි. වර්තමානයේ ලෝකයේ ආර්ථික ප්‍රවණතා හමුවේ රටක කම්කරු පන්තියේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ නව මානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි.

ඒ සඳහා වැඩ කරන ජනතාව දැනුවත් කිරීම සහ පෙළගැස්වීම කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති ව්‍යාපාරයේ අත් නොහල යුතු වගකීමක් බව මාගේ විශ්වාසය යි.

ගෝලීය වෙළෙඳපොළ තුළ මතුව ඇති වෙළෙඳ යුද්ධයේ දී සෘජු හා වක්‍ර බලපෑමට ද ලක් වූයේ වැඩ කරන ජනතාව යි. මෙය අභියෝගයක් ලෙස සලකා විසඳුම් සෙවීමට වහාම උත්සුක විය යුතු ය. එහි දී හුදකලා දූපත් මානසිකත්වයෙන් බිඳී ගෝලීය ස්ථායීකරණයකට දායක වීමට කටයුතු කිරීම වැදගත් වේ.

සම්ප්‍රදායික දේශපාලනයේ සහ බලය ලබා ගැනීමට වැඩ කරන ජනතාව උපයෝගී කර ගත් වර්තමාන පුනරුද ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාත්මක වනුයේ වැඩ කරන ජනතාවට ලබා දුන් පොරොන්දු ප්‍රතිපත්ති පසෙකට විසි කරමිනි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සෘජු හා වක්‍ර බලපෑමකට ලක්ව ඇති වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ දිනා ගැනීමට සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන මෙන් ඉල්ලා සිටිමු.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්