සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

‘සාමය උදෙසාමයි යුද්ධ කළේ’ – මහින්ද රාජපක්ෂ අනුර කුමාරගේ ප්‍රකාශය අනුමත කරයි

‘සාමය උදෙසාමයි යුද්ධ කළේ’ – මහින්ද රාජපක්ෂ අනුර කුමාරගේ ප්‍රකාශය අනුමත කරයි කොළඹ – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) කළ “සැවොම යුද්ධ කළේ

මිතුරන් සමග බෙදාගන්න

‘සාමය උදෙසාමයි යුද්ධ කළේ’ – මහින්ද රාජපක්ෂ අනුර කුමාරගේ ප්‍රකාශය අනුමත කරයි

කොළඹ – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) කළ “සැවොම යුද්ධ කළේ සාමය වෙනුවෙන්” යන ප්‍රකාශය නිවැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) ප්‍රකාශ කළා.

බත්තරමුල්ලේ රණවිරු සැමරුම් ස්මාරකය අසලදී පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද රණවිරු සැමරුමකට එක්වෙමින් මාධ්‍ය අමතා හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. යුද්ධය සිදුකළේ කිසිවකු හෝ අල්ලා ගැනීම සඳහා නොව, රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි ඔහු එහිදී අවධාරණය කළේ.

ඉදිරියේදී රණවිරු සැමරුම් පැවැත්වේදැයි මාධ්‍යවේදීන් විමසූ විට, එය තීරණය කරනු ලබන්නේ පවතින රජය විසින් බවත්, ඒ පිළිබඳව තමන් නොදන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

යුද්ධය ඛේදවාචකයක් බව පිළිගත් හිටපු ජනාධිපතිවරයා, කෙසේ වෙතත්, මෙරට හමුදාවන් එම යුද්ධය ජයගත් බවත්, යුද්ධයකදී එක් පාර්ශ්වයක් ජයගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්