සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

සුපිරි 8 සිහිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී සටනට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක මෙන්ම උද්වේගකර ගැටුමක් අද (16) පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී

මිතුරන් සමග බෙදාගන්න

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක මෙන්ම උද්වේගකර ගැටුමක් අද (16) පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම එකිනෙකා හමුවේ තරග වදියි.

තරගය අද පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.

මෙම තරගය දෙපිලටම එකසේ වැදගත් වන්නේ තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධකයක් වන බැවිනි.

තරගාවලියේ “සුපිරි 8” (Super 8) වටය සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව තවදුරටත් රඳවා ගැනීමට නම් කණ්ඩායම් දෙකටම මෙම ජයග්‍රහණය අතිශය තීරණාත්මක වේ.

මව්බිමේදී පැවැත්වෙන මෙම තරගයේදී පල්ලෙකැලේ තණතීරුවේ ස්වභාවය සහ දේශීය ප්‍රේක්ෂක සහාය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටියි.

ප්‍රබල ඔස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්වන දක්ෂතාව මෙම තරගයේ තීරණය කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි විචාරකයෝ මත පළ කරති. කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට නම් මෙම “බිග් මැච්” එක ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වී තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්