සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් සමාගම් 3ක් වෙන්දේසියට

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, දයා ගෲප් ලිමිටඩ් (Daya Group (Pvt)

මිතුරන් සමග බෙදාගන්න

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, දයා ගෲප් ලිමිටඩ් (Daya Group (Pvt) Ltd), දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (Daya Apparel Exports (Pvt) Ltd), සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් (Olympus Construction (Pvt) Ltd) යන ආයතන ජූලි මස 02 වනදා උදෑසන 10.00ට වෙන්දේසි කරන බව කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් දැනුම් දී ඇත.

මෙම සමාගම් තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීරණය කර ඇත්තේ, ලීසිං සමාගමකට අයවිය යුතු රුපියල් 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින්. මෙම මුළු මුදලින් රුපියල් 4,080,000ක් පමණ වගඋත්තරකරුවන් විසින් දැනටමත් ගෙවා ඇති අතර, ඉතිරි මුදල අය කර ගැනීම සඳහා 2022 වසරේ නොවැම්බර් මස 10 වනදා ලබා දුන් නඩු තීන්දුවකට අනුව මෙම වෙන්දේසිය ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම සිදුවීම දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්