හිටපු අමාත්‍ය මහින්දානන්දට වරෙන්තු

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 16) වරෙන්තුවක් නිකුත් කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව දැනගත් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එය වළක්වා ගැනීමට නියෝගයක් ඉල්ලා මැයි 14 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්